Java පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121013

අප එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට භාෂාවක් භාවිතා කරයි. නමුත් ඒ භාෂාවන් පරිගණකයට හදුනාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඒ සදහා Computer languages අවශ්‍ය වෙනවා. Java කියන්නේ ඒ අතර සිටින ප්‍රමුඛ පෙළේ programming language එකක්. ඔබටත් Java OOP concepts වලසිට සරලව සිංහලෙන් ඉගනගැනීමට මෙම පාඨමාලාව හරහා අවස්ථාව ලබාදී තිබෙනවා.


පාඨමාලා අන්තර්ගතය


1. පාඨමාලාව සහ Java ඉතිහාසය පිළිබඳ හැඳින්වීම
2. Java environment සැකසීම සහ basic syntax
3. NetBeans install කිරීම සහ hello world application එකක් නිර්මාණය
4. Java object, classes සහ constructors සමග වැඩ කිරීම
5. Datatypes, variable types, arrays, date සහ time වල භාවිතයන් හදුනාගැනීම
6. Java modifiers
7. Basic operators වල භාවිතයන්
8. Java වල Flow controls (if, while, switch, for, break, continue)
9. Regular expressions වල භාවිතයන්
10. Java methods සහ exceptions හැසිරවීම
11. Java files සහ I/O package වල භාවිතයන්
12. Java වල Inner classes සහ interfaces
13. Java inheritance සහ overriding
14. Java polymorphism සහ abstraction
15. Java encapsulation වල ප්‍රායෝගික භාවිතයන්
16. Java වල Collection framework
17. Java වල Generics සහ serialization
18. Java multithreading වල භාවිතයන්
19. Java App නිර්මාණයේදී නිවැරදි භාවිතයන් සහ final project


විශේෂ අතිරේකය

20. Swing components හදුනාගැනීම සහ swing application එකක් නිර්මාණය කිරීම

ගුරුවරයා ගැන


Lahiru Kahawatta

ලහිරු කහවත්ත MSc(Info.Sec.) BSc(SEng.)

කාම්බෝජයේ IIC University of Technology මගින් Software Engineering පිළිබද ගෞරව උපාධියක් ලබාගෙන ඇති මොහු මැලේසියාවේ Asia e University මගින් Information Security පිළිබද පස්චාත් උපාධිය සම්පුර්ණ කර තිබේ. දැනට ආයතන කිහිපයකම ආචාර්යවරයෙක් වශයෙන් ඉගැන්වීම් සිදු කරන මොහු IT ක්ෂේත්‍රයේ සේවා සපයන New Release Biz Holdings ආයතනයේ හිමිකරවා වෙයි.