Android පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121011

නව තාක්ෂණයත් සමග ස්මාර්ට් ජංගම උපාංග භාවිතයට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. Android කියන්නේ එම උපාංග බොහොමයකට පණ දෙන OS එකයි. වර්තමානයේ Android app හරහා මුදල් ඉපයීමට ඇති හැකියාව නිසාම බොහෝදෙනෙක් මේ app නිර්මාණය ඉගෙනගැනීමට යොමුව තිබෙනවා. අප හා එක්වන ඔබටත් මුදලට සිමා නොවී ඔබටම ඔබේ Android app නිර්මාණය කරගැනීමට අවශ්‍ය පරිපුර්ණ දැනුම මෙම පාඨමාලාව හරහා මුලසිට සරලව සිංහලෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.


පාඨමාලා අන්තර්ගතය


1. පාඨමාලාව සහ android ඉතිහාසය පිළිබඳ හැඳින්වීම
2. Java environment & android studio සැකසීම
3. නවතම android OS එකක් සමග emulator එකක් install කිරීම
4. Android architecture & application components හදුනාගැනීම
5. Android project සැකැස්ම
6. Hello world sample project උදාහරණය
7. UI layouts හැසිරවීම
8. Styles & themes යෙදවීම
9. UI controls වල භාවිතයන්
10. Custom component නිර්මාණය
11. Event listeners & event handlers
12. Gestures ප්‍රයෝගික යෙදවීම
13. Activities & fragments
14. Intent and filters වල භාවිතයන්
15. Animation නිර්මාණය
16. Alert dialogs වල භාවිතයන්
17. Custom notifications නිර්මාණය
18. Shared preferences වල භාවිතය
19. SQLite database වල භාවිතය
20. Spinner & List view සමග Shared preferences
21. Custom list view, custom adaptor සමග නිර්මාණය
22. Image slider නිර්මාණය
23. Android app නිර්මාණයේදී නිවැරදි භාවිතයන්
24. Final project
25. Playstore හි app එක published කිරීම


විශේෂ අතිරේකය

26. App එකෙන් මුදල් ඉපයීමට Admob සමග සම්බන්ධ කිරීම

ගුරුවරයා ගැන


Lahiru Kahawatta

ලහිරු කහවත්ත MSc(Info.Sec.) BSc(SEng.)

කාම්බෝජයේ IIC University of Technology මගින් Software Engineering පිළිබද ගෞරව උපාධියක් ලබාගෙන ඇති මොහු මැලේසියාවේ Asia e University මගින් Information Security පිළිබද පස්චාත් උපාධිය සම්පුර්ණ කර තිබේ. දැනට ආයතන කිහිපයකම ආචාර්යවරයෙක් වශයෙන් ඉගැන්වීම් සිදු කරන මොහු IT ක්ෂේත්‍රයේ සේවා සපයන New Release Biz Holdings ආයතනයේ හිමිකරවා වෙයි.